ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ්රාමික මේජර් ජනරාල් පාලිත ප්රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළා. ඒ, එම නඩුව මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
නිශ්ශංක සේනාධිපති සහ විශ්රාමික මේජර් ජනරාල් පාලිත ප්රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. විත්තිකරුවන් අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 යන වගන්ති යටතේ වරද සිදු කර ඇති බවයි එම අධි චෝදනා මගින් පෙන්වාදී ඇත්තේ. 2012 සහ 2014 අතර කාලය තුළ එය සිදුව ඇති බවද සඳහන්.