Saturday, January 11, 2025

General line - 0115112241

බ්‍රිගේඩියර්ගේ සිද්ධිය ගැන මෙහෙන් ලන්ඩනයට ගිය ලිපිය මෙන්න




ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ රාජතාන්ති‍්‍රකභාවය ඉවත් කරන ලෙස ඉල්ලමින් එංගලන්තයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු කර ඇති ඉල්ලීමට අමාත්‍ය නවීන් දිසානායක ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, අදාළ මන්තී‍්‍රවරුන් දෙදෙනා වෙත ලිපියක් යොමු කරමින්. පසුගිය පෙබරවාරි මස 4 වැනිදා එල්. ටී. ටී. ඊ. ආධාරකරුවන් පිරිසක් ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ අවස්ථාවේදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු කි‍්‍රයාකළ ආකාරය සම්බන්ධයෙන් රාජතාන්ති‍්‍රකව සහ නීතිමය වශයෙන් ප‍්‍රශ්න කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අදාළ අවස්ථාවේ විරෝධතාකරුවන් එල්. ටී. ටී. ඊ. ධඡය රැගෙන සිදුකළ අපවාදාත්මක සහ නින්දාසහගත විවේචනයන් ශී‍්‍ර ලාංකිකයන්ට කරදරකාරී මෙන්ම පිළිකුල් සහගත වු බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

අදාළ අවස්ථාවේ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා දේශසීමාව තුළ සිටින්නෙකු වශයෙන් සහ මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රය තුළ සිට කරන ලද කවර හෝ කි‍්‍රයාවක් සම්බන්ධයෙන් රාජතාන්ති‍්‍රකව සහ නීතිමය වශයෙන් ප‍්‍රශ්න කළ නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පෙන්වා දෙනවා. 

මෙම සම්ප‍්‍රදාය රාජතාන්ති‍්‍රක රෙගුලාසි තුළ පිළිගත් පරිචයක් බවත් සියළු රටවල් විසින් මෙම සම්ප‍්‍රදාය අනුගමනය කරනු ලබන බවත් එහි සදහන්.  ඕනෑම අවස්ථාවක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු සමග නොසැලී නැගී සිටීමට කටයුතු කරන බවයි අමාත්‍ය නවීන් දිසානායක යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.