Saturday, January 11, 2025

General line - 0115112241

වවුනියාවේ ඡන්දේ දෙන්න යන්නේ නැති පිරිස මෙන්න (PHOTOS)

දිනසේන රතුගමගේ




වවුනියාව දිස්ත්‍රික්කයෙන් යුද සමයේදී පුද්ගලයින් අතුරුදහන් වූ පවුල්වල සාමාජිකයෝ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව වාර්තා වෙනවා.

අතුරුදහන්වූවන් පිළිබදව තොරතුරු සොයා බලන සංගමයේ සභාපතිනී කාසිපිල්ලේ ජෙයවනිතා මේ බව ප්‍රකාශ කරනවා.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ට සාධාරණයක් ඉටු කරණ ලෙස ඉල්ලමින් තම සංගමය වවුනියාව නගරයේ පවත්වාගෙන යන අඛණ්ඩ විරෝධතාවයට පෙබරවාරි මස 10 වෙනිදා වන විට දින 352 ක් සැපිරෙන බවයි ඇය පෙන්වා දෙන්නේ. මෙම කාලය තුළ කිසිවෙකුගෙන් හෝ සාධාරණයක් ඉටු නොවූ නිසා මෙම තීරණය ගත් බවද සඳහන් කළා.

යුද සමයේදී පුද්ගලයින් අතුරුදහන්වීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡා වට දෙකෙන්ම කිසිඳු ප්‍රයෝජනයක් අත් නොවූ නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයේදී තම විරෝධතාවය තවත් ප්‍රබල කරන බවයි  අතුරුදහන්වූවන් පිළිබදව තොරතුරු සොයා බලන සංගමයේ සභාපතිනී කාසිපිල්ලේ ජෙයවනිතා වැඩිදුරටත් කියා සිටියේ.