Thursday, May 2, 2024

General line - 0115112241

විස්සයි 20 සටනට බංගලියන් ක්‍රීඩකයන් 05ක් ගෙනෙයි

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය සඳහා නවක කී‍්‍රඩකයින් 05 දෙනෙකු බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි සකීබ් අල් හසන් යළි කණ්ඩායමට කැඳවා ඇති අතර නායකත්වය හිමිව ඇත්තේ ද ඔහුටයි.

සාකීර් හසන්, හරිෆුල් හක්, අෆිෆ් සහ අබු ජායේඞ් මෙලෙස බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතයට කැඳවූ නවක කී‍්‍රඩකයින්.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය ලබන 15 වැනිදා මීර්පූර්හිදී පැවැත්වීමට නියමිතයි.