Friday, December 27, 2024

General line - 0115112241

අළුත්කඩේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 3ක් (UPDATE)

වසන්ත පිවිතුරු




අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ ඊයේ  (16) සිදු වූ වෙඩි තැබීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ 39 හැවිරිදි කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක්.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාද ජීවිතක්ෂයට පත්වුණා.

............................

අළුත්කඩේ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරුට (16-02-2018 18:00)

කොළඹ අළුත්කඩේ උසාවි සංකීර්ණය අභියසදී අද (16) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතල ලෙස තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කරනු ලැබු අතර එහිදී ඔහු මරණයට පත්වුණා.

වෙඩි තැබීමට පැමිණි සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබු අතර ඔහු ඇතුලත් කෙරුනේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටයි.

එහිදී ඔහුද මරණයට පත්වු බවයි කෙසෙල්වත්ත  පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

-----------------

අළුත්කඩේ උසාවිය ළඟ වෙඩි තැබීමක්.. දෙදෙනෙකුට බරපතලයි (16-02-2018 17:51)

කොළඹ අළුත්කඩේ උසාවි සංකීර්ණය අභියසදී අද (16) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතල ලෙස තුවාල ලැබු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකෙරුණු තවත් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

ඔහු ද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

---------------------

අළුත්කඩේ උසාවිය ළඟ වෙඩි තැබීමක් (16-02-2018 17:37)

කොළඹ අළුත්කඩේ උසාවි සංකීර්ණය අභියසදී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වයස අවුරුදු 39 ක් පමණ වන මෙම පුද්ගලයා බරපතල ලෙස තුවාල ලබා ඇති බව සඳහන්.

කොළඹ කෙසෙල්වත්ත පොලීසියෙන් nethnews.lk කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ සිද්ධිය පිළිබඳව නිවැරදි තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

සිද්ධිය පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසයි වැඩිදුරටත් කියා සිටියේ.