Friday, October 18, 2024

General line - 0115112241

රජයේ විභාග ප්‍රතිඵල කඩිනමින්

නිශාන් ද සිල්වා




විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන රජයේ විභාගවලට අදාළ ප‍්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පිළිතුරුපත් පරීක්‍ෂා කිරීම සඳහා බාහිර සම්පත්දායකයන් ලියාපදිංචි කර ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඊට විශ්ව විද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, පරිපාලන, ඉංජිනේරු, විද්‍යාත්මක සේවාවන්හි නිලධාරීන් එක්කර ගැනීමට නියමිතයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පිළිතුරුපත් පරීක්‍ෂා කිරීම සදහා විශ‍්‍රාමික උපාධිධාරී ගුරුවරුන්ද යොදා ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. ඔවුන්ගේ සේවය වයස අවුරුදු 65 දක්වා ලබාගැනීමටයි විභාග දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරන්නේ. රජයේ විභාගවලට අදාළ පිළිතුරුපත් පරීක්‍ෂා කිරීමට පනස් දහසකින් පමණ යුත් සංචිතයක් සිටියද ප‍්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට ඊට අතිරේකව තවත් පිරිස් යොදා ගැනෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.