තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිත කරන ස්ථාන වැටලීම් දැඩි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ජනවාරි පළමු වනදා සිට මෙම නීතිය කි‍්‍රයාත්මක වුවද මෙතෙක් වැටලීමේ සිදු කෙරුණේ නිෂ්පාදකයන් සහ තොග වෙළදුන් ආශි‍්‍රතවයි. ලබන සතියේ සිට එම වැටලීම් සුපිරි වෙළදසැල්, වෙළදසැල් සහ අවන්හල් ආශි‍්‍රතවද සිදුකරන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ඒ අනුව එවැනි ස්ථානවලින් පාරිභෝගිකයන්ට කිසියම් ද්‍රව්‍යයක් ලබාදීමට හෝ අළෙවි කිරීමට තහනම් කරන ලද පොලිතීන් හා ප්ලාස්ටික් යොදා ගැණුනහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ යටතේ ප‍්‍රමිතියෙන් තොර ලන්ච්ෂීට් සහ පොලිතීන් උර අවන්හල්වල භාවිත කරන්නේද යන්න පිළිබද ඍජු අධීක්‍ෂණයකට ලක් කිරීමටද නියමිතයි.
එවැනි ස්ථානවලින් පාරිභෝගිකයන්ට තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් අළෙවි කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසුවා.
දිවයිනපුරා සිටින මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් 400 ක් පමණ මෙම වැටලීම් සිදුකිරීමට නියමිතයි.