මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදි නිසා බන්ධනාගාර ගතකළ අය හේතුවෙන් බන්ධනාගාර තදබදය වැඩිවී ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බන්ධනාගාර 38 ක රදවා ඇති රැඳවූවන් ගණන විසි දහසකට ආසන්න වන අතර දසදහසක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ රැදවූවවන් බවත් ඒ අතරද කෙටිකාලීනව බන්ධනාගාරගත කර ඇති පිරිස බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියා.
ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම හෝ අළෙවි කිරීම යටතේ වසරකට අවස්ථා ගණනාවකදි කෙටිකාලීනව බන්ධනාගාර ගත කෙරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එම පිරිස වැරදි කි‍්‍රයාවලින් මුදවා ගැනීම සදහා උපදේශ සේවාවක් කි‍්‍රයාත්මක කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. ඊට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද එක් කර ගැනීමට නියමිතයි. මේ හරහා බන්ධනාගාරයන්හි ඇති තදබදයද අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ වැඩිදුරටත් කියාසිටියේ.