Saturday, September 7, 2024

General line - 0115112241

නිපෝන් මාරු ජගත් මිත්‍රත්ව තරුණ පිරිස අගමැති හමුවෙයි (PHOTOS)




නිපෝන් මාරු ජගත් මිත්‍රත්ව තරුණ නෞකා වැඩසටහනසමඟ ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති , අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වී සිටියා.

මෙවර ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 11ක තරුණ තරුණියන් 242ක ගේ සහභාගීත්වයෙන් නිපෝන් මාරු ජගත් මිත්‍රත්ව තරුණ නෞකා වැඩසටහන”  ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව යන රටවලදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ජපන් කැබිනට් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම ලෝක මිත්‍රත්ව නෞකා සංචාරය පසුගිය ජනවාරි 29 දා, ජපානයෙන් ගමන් ආරම්භ කරන ලද අතර, පසුගිය 11 වැනි දින මෙම නෞකාව ඉන්දියාවේ නැංගුරම්ලා දින 03 ක් එහි ගත කොට 13 වන දින යළිත් ගමන් අරඹා පසුගියදා (15) උදෑසන දිවයිනට ළඟා වුණා.

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරුණ වැඩසටහන් රැසකින් අනතුරුව නෞකාව අද (17) පස්වරුවේ නැවත ජපානය බලා ගමන් ඇරඹීමට නියමිතයි.

තරුණ තරුණියන් අතර සංස්කෘතික, සමාජීය හා දේශපාලනික වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමත්, අන්‍යොන්‍ය අවබෝධය ගොඩනගා ගැනීමත් නායකත්ව පුහුණුව වැඩිදියුණු කර ගැනීමත් යන විවිධ ක්ෂේත්‍රවල දියුණුවක් තරුණයා තුළ ඇති කිරීමේ පරමාර්ථයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

අරලියගහ මන්දිරය වෙත පැමිණි තරුණ නියෝජිත පිරිස ඉතා සුහදව පිළිගත් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට සිය සුභාශිංසන පිරිනමමින් සුහද කථාබහක නිරතවූ අතර ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමනු ලැබුවා.

ඉන් අනතුරුව එම තරුණ නියෝජිත පිරිස වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා.

මේ එහි ඡායාරූප