Sunday, September 8, 2024

General line - 0115112241

ලෝටස් පාරත් වැසේ (PHOTOS/UPDATES)




සයිටම් විරෝධී පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබෙනවා. විරෝධතාව සඳහා සයිටම් විරෝධී දෙමව්පියන් සහ සිසුන් එක්වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

------------------------------------------

ටවුන්හෝල් බොරැල්ල පාර වැසේ! රථවාහන තදබදයක්!

21-02-2018 15:23

කොළඹ නගර අසළ සිට බොරැල්ල දෙසට වෝඩ් පෙදෙස මාර්ගය වසා තිබෙනවා. ඒ විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන්.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, නම වෙනස් කරමින් නීතිගත කිරීමට අදාළව ආණ්ඩුව විසින් කෙටුම්පත් සකස් කරමින් සිටින බව පවසමින් විශ්ව විද්‍යාල සිසුන් මෙම විරෝධතා පාගමන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් අද (21) දහවල් ආරම්භ කළා.

වෛද්‍ය විද්‍යාලව, අවම ප්‍රමිති ගැසට් පත්‍රය අහෝසි කිරීම, සිරගත කර ඇති සිසු නායකයින් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කරනු ලැබුවා.

මේ හේතුවෙන් කොළඹ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.