Sunday, April 28, 2024

General line - 0115112241

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද

කසුන් කැලුම්




කාගේත් අවධානයට ලක්ව ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (23) පස්වරුවේ පැවැත්වෙනවා. එ් කොළඹ ටොරින්ටන් හි පිහිටි ඔලිම්පික් නිවහනේදීයි.  මෙරට ඔලිම්පික් කමිටු නිලවරණයක් පැවැත්වෙන්නේ වසර 9කට පසුවයි. අවසන් වරට 2009 වසරේදී එහි නිලවරණය පැවැත්වූ අතර වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ පාර්ශ්වය එහි දී බලයට පත් වුණා. වසර 4කට වරක් පැවැත්වෙන මෙම නිලවරණය 2013 වසරේදී යළි පැවැත්වීමට තිබුණද  මතු වූ අර්බුධකාරී තත්වයන් හේතුවෙන් එම වසරේදී නිලවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ. එ් අනුව තවමත් ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලන කටයුතු සිදු කරන්නේ හේමසිරි ප‍්‍රනාන්දු සහ එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ගේ පාර්ශ්වය විසින්.

මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය තරග කිරීම සඳහා පාර්ශ්ව දෙකක් ඉදිරිපත් වී සිටිනවා. සභාපති ධුරය සඳහා තරග වදින්නේ ආධුනික ඔරුපදින්නන්ගේ සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු සහ ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම්. වර්තමාන ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් සිල්වාගේද සහාය සුරේෂ් සුබ‍්‍රමනියම් හට හිමිව තිබෙනවා. ජාතික කී‍්‍රඩා සංගම් 31ක් මෙවර ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමට නියමිත බවයි නිලවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ආචාර්ය ආර් එම් කේ රත්නායක පැවසුවේ

අතුරු කමිටු මගින් කි‍්‍රයාත්මක වන බැඞ්මින්ටන් සංගමයට සහ හොකී සංගමයට අද පැවැත්වෙන ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කළද, ඔලිම්පික් ව්‍යවස්ථාවට අනුව එම සංගම්වලට ඡන්දය භාවිත කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙවර ඔලිම්පික් නිලවරණයේදී මලල කී‍්‍රඩා සංගමයේ් සහ පාපන්දු සම්මේලයේ සහාය හිමිව ඇත්තේ රොහාන් ප‍්‍රනාන්දුගේ පාර්ශ්වයටයි. ජල කී‍්‍රඩා, දුනු විදීම , බේස් බෝල් , බොක්සිං , පාපැදි ල ගොල්ෆ් ල ජිම්නාස්ටික්ල ආධුනික ඔරුල  කරාතේ ල වෙඩි තැබීම ල ටයිකොන්ඩො , වොලිබෝල් සහ බර ඉසිලීම යන සංගම්වල සහායද රොහාන් ප‍්‍රනාන්දුට හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

සභාපති ධුරයට තරග වදින ආධුණික ඔරු පදිනන්ගේ සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු සිය ඉදිරි දැක්ම පිිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත මෙලෙස පැහැදිලි කරමින් පැවසුවේ මෙම නිලවරණයේ ජයග්‍රහණය ලද හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බවය. ක්‍රීඩාවට නව උන්නතියක් ලබා දෙනු හැකි වෙැතැයි ඔහු බලාපොරොත්තු පල කරනවා.

සභාපති ධුරයට අනෙක් පාර්ශ්වයෙන් තරග වදින ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ කී‍්‍රඩාවේ දියුණුව නියම ක‍්‍රමවේදයකින් දියත් කිරීම තම අරමුණ බවයි. රග්බි සංගමයේ සහ ජූඩෝ සංගමයේ සහාය සුරේෂ් සුබ‍්‍රමනියම්ගේ පාර්ශ්වයට හිමිව තිබෙනවා. බාස්කට් බෝල් හෑන්ඞ් බෝල් , හොකී , රෝලර් සූෂ් , මේස පන්දු, ටෙනිස් සහ මල්ලව පොර යන සංගම්වල සහාය සුරේෂ් සුබ‍්‍රමනියම්ට හිමිවනු ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.