Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික ඔලිම්පික් කමිටුවේ නව නිලධාරී මණ්ඩලය (PHOTOS/UPDATE)

කසුන් කැලුම්




ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජාතික ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් අද (23) තේරීපත් වුණා. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙවර පැවැත්වුණේ වසර 09කට පසුව වීම විශේෂත්වයක්.

සෙසු තනතුරු සඳහා තේරී පත්වූ නිලධාරී මණ්ඩලයවන්නේ, මහ ලේකම් - මැක්ස්වෙල් ද සිල්වා (ජූඩෝ) උප සභාපතිවරු - අදුතරයි කට්ටර් (රුවල් ඔරු), සුමිත් එදිරිසිංහ (හොකී), පාලිත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා) සහ අසංග සෙනෙවිරත්න (රග්බි) භාණ්ඩාගාරික - සේනක රණසිංහ (පා පැදි) සහකාර ලේකම් - චන්දන ලියනගේ (පැසිපන්දු) උප භාණ්ඩාගරික - නිෂාන්ත ජයසිංහ (බැඞ්මින්ටන්) කමිටු සාමාජිකයෝ - චානක හසන්ත (ජල ක්‍රීඩා), ෆාසිල් මොහොමඞ් (බේස් බෝල්) සහ අජිත් තාමෙල් (බර ඉසිලීම) යන අයයි.

---------------------------------------------

වසර 09කට පසු ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති පත්වෙයි

23-02-2018 18:37

 

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජාතික ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් අද (23) තේරීපත් වුණා.

ඒ, ජාතික ඔලිම්පික් නිවහනේ පැවති නිලවරණයේදීයි.  

මෙම නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට ක‍්‍රීඩා සංගම් 31ක් සුදුසුකම් ලබා සිටියා.

සුරේෂ් සුබ‍්‍රමනියම්ට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 18ක්. ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දුට ලැබුණේ ඡන්ද 12ක් පමණයි. 

මේ අතර ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් ලේකම් ධුරයට මැක්ස්වෙල් ද සිල්වා තේරී පත්වුණා.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙවර පැවැත්වුණේ වසර 09කට පසුව වීම විශේෂත්වයක්.