ග්ලයිෆොසෙට් අඩංගු කෘෂි රසායනික හඳුනාගත් ප්රදේශ කිහිපයකට හැර සෙසු ප්රදේශවලට නිදහස් කිරීමට ජාතික ආර්ථික සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම කෘෂි රසායනික ශ්රී ලංකාවේ තහනම් කිරීමට කටයුතු කෙරුණේ රජරට ප්රදේශයේ පැතිර යන වකුගඩු රෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්. කෙසේ වෙතත් ඇතැම් ප්රදේශවල අදාළ කෘෂි රසායනික රහසිගතව අලෙවි වූ බවට විටින් විට වාර්තා පළ වුණා. ග්ලයිෆොසෙට් අඩංගු කෘෂි රසායනික තහනම් කිරීම නිසා තේ සහ රබර් ඇතුළු සෙසු වගාවන්ට ද බලපෑම් ඇති වූ බවයි ප්රකාශ කෙරුණේ.
ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් වී ඇති යෝජනාවට අනුව කුඹුරු සඳහා ග්ලයිෆොසෙට් අඩංගු රසායනික යෙදීම තවදුරටත් තහනම් වනු ඇති. කෙසේ වෙතත් තේ සහ රබර් වගාවන්ට එම රසායනික නිදහස් කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.