කළුතර ප‍්‍රදේශ කිහිපයකට මේ දිනවල සැපයෙන ජලය පානයට නුසුදුසු බවට වැරදි නිවේදනයක් නිකුත් කළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් පවසනවා. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ලිපි ශීර්ෂයක එහි සාමාන්‍යාධිකාරිවරයෙකුගේ අත්සන සහිතවයි.
පවතින වියළි කාලගුණය නිසා කළුගගේ ජල මට්ටම වෙනස් වී ඊට ලවණ සහිත මුහුදු ජලය මිශ‍්‍ර වන බව එහි දැක්වුණා. කෙසේවෙතත් එවැනි තත්ත්වයක් මේ දක්වා ඇති වී නොමැති බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති අවධාරණය කළේ.
කරුණු වරදවා දක්වමින් වැරදි නිවේදනයක් නිකුත් කිරීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් සපයනු ලබන ජලය පානය කිරීමට හෝ වෙනත් ඕනෑම කටයුත්තකට සුදුසු බවද මෙහිදී නැවත අවධාරණය කෙරුණා.