Friday, May 3, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝසියස්ට අද ලැබුණු අවසරය (UPDATE)

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට නිවසින් ආහාර ලබාගැනීමට වෛද්‍යවරුන් අවසර දී . තිබෙනවා. ඒ සඳහා ඔහු විසින් අද (24) පෙරවරුවේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහිදී වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ ශ්වසන ආබාධයකින් පෙළුණත් සාමාන්‍ය පරිදි ආහාර ලබාගැනීමට ඔහුට හැකියාව ඇති බවයි. ඔහුගේ අසනීප තත්ත්වය යහපත් අතට හැරෙමින් ඇති බවත් එය සාමාන්‍ය තත්ත්වයට පත්වූ සැණින් නැවතත් නව මැගසින් බන්ධනාගාරයට මාරු කරන බවද වෛද්‍යවරුන් කියා සිටියා.

බොහෝ විට තවත් දින දෙකක් හෝ තුනක් ඇතුළත ඔහු බන්ධනාගාර රෝහලෙන් නව මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවටයි වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඊයේ (23) දිනයේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

කසුන් පලිසේන අද (24) පෙරවරුවේ නැවත කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මාරුකර යවා තිබෙනවා. ඔහුට හටගැණුනු ශ්වසන අපහසුතාව සුව අතට හැරීම හේතුවෙන් නැවත මැගසින් බන්ධනාගාරයට මාරු කළ බවයි වෛද්‍ය ප්‍රකාශ කළේ.

ඔහුගේ කොන්ද ප්‍රදේශයේ ඇති ආබාධයට ප්‍රතිකාර කිරීම සඳහා ලබන 5 වනදා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරීමටයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ. ඒ අනුව ලබන 4 වනදා නැවත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

---------------------------

බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ කසුන් පලිසේන නැවත මැගසින් බන්ධනාගාරයට  (24-02-2018 13:43)

වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු කසුන් පලිසේන නැවත කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මාරුකර යවා තිඛෙනවා. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහුට හටගැණුනු ශ්වසන අපහසුතාව සුව අතට හැරීම හේතුවෙන් නැවත මැගසින් බන්ධනාගාරයට මාරු කළ බවයි. ඔහුගේ කොන්ද ප්‍රදේශයේ ඇති ආබාධයට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සායනයකට ලබන 5 වනදා ඉදිරිපත් කිරීමටයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ. ඒ අනුව ලබන 4 වනදා නැවත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ශ්වසන ආබාධය තවදුරටත් පවතින හේතුවෙන් අර්ජුන් ඇලෝසියස් තවදුරටත් බන්ධනාගාර රෝහලේ අංක එක වාට්ටුවේ නේවාසිකව ලබනවා. ඔහු තවත් දින දෙක තුනකින් නැවතත් කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමට හැකිවනු ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරනවා. 

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රක‍ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවට අදාළවයි.