Saturday, October 19, 2024

General line - 0115112241

සම්මත වී මාසයයි – තොරතුරු පනත තවම අක‍්‍රියයි




තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් තවමත් එය කි‍්‍රයාත්මක වීම ආරම්භ වී නැහැ.

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය පවසන්නේ මෙම පනත කි‍්‍රයාත්මක වීමට නම් කථානායකවරයා අත්සන් කර ගැසට් කළ යුතු බවයි.

එහෙත් තාක්ෂණික ගැටලූවක් හේතුවෙන් කථානායකවරයා ඊට අත්සන් කිරීම ප‍්‍රමාද වෙමින් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග පෙන්වා දුන්නා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ තවත් සති දෙකකින් පමණ වඩා හොඳ පිළිතුරක් ඊට ලබාදිය හැකි බවයි.

තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණේ ඉකුත් ජුනි මස 24 වෙනිදායි. දීර්ඝ කාලයක් කෙරුණු සංවාදයකින් පසු මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.