Friday, May 3, 2024

General line - 0115112241

වැල්ලවායේදී දැරියක් අතරමංකර පළා ගිය පියා සොයා මෙහෙයුමක්

ජයන්ත වීරසේකර - වැල්ලවාය




වැල්ලවාය බස් නැවතුම්පළ අසල 12 හැවිරිදි දැරියක් අතරමං කර පළා ගිය පියෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අතරමංවූ දැරිය පොලීසියට පවසා ඇත්තේ සිය පියා සහ සොහොයුරා සමග ඊයේ (23) පස්වරුවේ වැල්ලවාය නගරයට පැමිණි බවයි. පසුව පියා තමන් බස් නැවතුම්පළේ දමා ගිය බව දැරිය පවසා ඇති බව වැල්ලවාය පොලීසිය කියා සිටියා.

ඇය යම් මානසික ආබාධයකින් පෙළෙන බවයි මූලික පරීක්ෂණවලදී අනාරවණ වී ඇත්තේ. වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.