Friday, May 3, 2024

General line - 0115112241

අන්තර්ජාතික විභාගයක් ශ්‍රී ලංකාවේ දී




එක්සත් රාජධානියේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ අන්තර්ජාතික විභාගය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා. මෙම විභාගය ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු පළමු අවස්ථාව මෙය වන බවයි ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය මහේෂි විජේරත්න පැවසුවේ.

ලොව විවිධ කලාප නියෝජනය කරමින් වෛද්‍යවරුන් 44 දෙනෙකු මෙම විභාගයට සහභාගි වුණා. විභාගය සදහා රෝගීන් සංවිධාන කිරීම සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින්. 

විභාගයේ සායනික කොටස් කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මස්තිෂ්ක හා සුසුම්නා මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.