Sunday, April 28, 2024

General line - 0115112241

නිදහස් කුසලානට ඉන්දියාව වෙනුවෙන් අඵතෙන් 5ක් කණ්ඩායමට




ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායමට නවක කි‍්‍රඩකයින් පස් දෙනෙකු ඇතුලත් කර තිබෙනවා.

, නායක විරාත් කෝලි හා මහේන්ද්‍ර සිං දෝණි ඇතුළු ප‍්‍රබල කී‍්‍රඩකයින් 06 දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කිරිම හේතුවෙන්.

ඔවුන් මෙලෙස ඉවත් කර ඇත්තේ විවේක ගැන්වීමේ අරමුණින් බවයි ඉන්දීය කී‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

පන්දු යවන්නන් වන ජස්පි‍්‍රට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්. හර්දික් පාන්ඩෙයා හා කුල්දිප් යාදේව් ද ඉන්දීය සංචිතයට ඇතුළත් වන්නේ නැහැ. ඒ වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ නවක කී‍්‍රඩකයින් වන වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඞ් සිරාජ්, දීපක් හූඩා හා රිෂාබ් පාන්ට්. තරගාවලිය ලබන 06 වනදා ආරම්භ වනවා.

---------------------------------

ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයි (24-02-2018 19:22)

ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් 05දෙනෙකුට නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිඛෙනවා. ඒ, නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පාන්ඩෙයා යන ක්‍රීඩකයින් පස් දෙනාටයි.

දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ඔවුන් විවේක ගැන්වීම සඳහා එකගතාවකට පැමිණි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ. ඒ අනුව නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ රෝහිත් ශර්මායි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 06වනදා ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී මාර්තු 18වනදා දක්වා එය පැවැත්වෙනවා.