Friday, May 3, 2024

General line - 0115112241

කොත්මලේ වේල්ල මතින් වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවයි

හර්ෂිකා සංජීවනී




කොත්මලේ ජලාශයේ වේල්ල මතින් වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (25) සිට දින 3ක් වේල්ල මතින් වාහන ධාවනය තහනම් කර ඇති බවයි ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා කියා සිටියේ.

වේල්ලෙහි සිදු කරන අත්‍යාවශය නඩත්තු කටයුත්තක් ඊට හේතුවී තිබෙනවා. ඒ අනුව අදාළ කාලය තුළ කොත්මලේ ජලාශය නැරඹීමට පැමිණිමෙන් වළකින ලෙසද ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා ඉල්ලා සිටියා.