Friday, May 3, 2024

General line - 0115112241

දඩල්ලගේ මංජුගේ සගයන් දෙදෙනෙකු රිමාන්ඩ්

හර්ෂිකා සංජීවනී




පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී මංජු සමග සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 08වනදා දක්වා අද (24) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

, එම සැකකරුවන් වත්තල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔවුන් දෙදෙනා වත්තල සහ මාතලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

වත්තලදී විශේෂ කාර්ය බලකාය සමග ඊයේ (23) සිදුවූ  වෙඩි හුවමාරුවකදී දඩල්ලේ මංජු හෙවත් ඩී මංජු ජීවිතක්ෂයට පත්වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පුද්ගලයින්ගෙකන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා පවතින බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම පෑලියගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශමිල සඳරුවන් ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.