තමන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් කිසිඳු නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නැතැයි සයිටම් සිසුන් පවසනවා.
සයිටම් ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ සභාපති ශානක ද සේරම් නෙත් නිවුස් වෙත කියා සිටියේ ආයතනයේ පාර්ශ්වයෙන්ද මේ දක්වා කිසිඳු දැනුම් දීමක් තමන් වෙත ලැබී නොමැති බවයි.
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට පෙර ඔවුන්ගේ සුදුසුකම් යළි පරීක්ෂා කරන බවටද පැවසෙනවා. ඒ සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සයිටම් ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ සභාපති ශානක ද සේරම්ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ "අපිට ඕනෑම වෙලාවක අපගේ විභාග ප්‍රථිපල ගැන ගැටලුවක් නෑ..පරීක්ෂා කිරීම සම්බන්ධයෙන්. අපගේ විභාග ප්‍රථිපල පාර්ලිමේන්තුවේදීත් ඉදිරිපත් කරලා තියෙනවා. ඕනම කෙනෙකුට එය ලබාගෙන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් අපේ සුදුසුකම් පරීක්ෂා කරලා බලලා තමයි අපිව අරගෙන තියෙන්නේ.. එහෙම තියෙද්දිත් නැවත නැවත පරීක්ෂා කිරීම ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා." යනුවෙනි.