Saturday, October 19, 2024

General line - 0115112241

වීදුරු ඉණිමගක යන ගමන ගැන අගමැති කී කතාව (VIDEO)




සියයට 200ක් තහවුරු කරගන්නා තෙක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් කිසිවෙකුටත් නඩු නොපවරන්නැයි විමර්ශන නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ චැනල් නිව්ස් ඒෂියා ප‍්‍රවෘත්ති සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීයි.

වංචා විමර්ශන යාන්ත‍්‍රණය දැන් වඩා ශක්තිමත් කර ඇතැයි ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

වංචා සිදුවීමට ඇති ඉඩකඩ අවම කරමින් නව ක‍්‍රමවේද සකස් කරන බවද ලබන වසරේදී මේ සඳහා නව නීති සම්පාදනය කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එම සාකච්ඡාවේ දී අගමැතිවරයා දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

“අපට කාල රාමුවක් නැහැ. ජනතාව තරමක් කලබල වී සිටිනවා. ඒත් අපි කියා තිබෙන්නේ සියයට 200ක් තහවුරු කරගන්නා තෙක් කිසිවෙකුටත් නඩු පවරන්න එපා කියලා. මොකද නඩු පැවරීමෙන් පස්සෙ නඩුව ඉවත දැමීමක් හෝ චෝදනා ලැබූවන් නීතියේ සිදුරුවලින් රිංගා යාමක් සිදුනොවිය යුතුයි.

අනෙක් අතට දැන් සියලූ දේවල් ඉතා විනිවිද භාවයකිනුයි සිදුවෙන්නේ. තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත වී තිබෙනවා. පාර්ලිමේන්තුවට අධීක්ෂණ බලය ලබා දී තිබෙනවා. මට තේරුම් ගන්න පුළුවන් ඇතැම් අය තුළ තිබෙන පසුතැවීම ගැන. නමුත් අපි පරිස්සමෙන් කටයුතු කළ යුතුයි.

මේක වීදුරු ඉනිමගක් වගේ. එක කකුලක් ලිස්සුවොත් පල්ලෙහාටම ඇදගෙන වැටෙනවා. අප ආණ්ඩුව භාරගන්නා විට අල්ලස් කොමිසමේ ලිපි ගොනු පන්දහසකට වැඩි ගණනක් තිබ්බා. දැන් ඒවා එනිනෙක විසඳමිනුයි යන්නෙ. අපි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයත් ආරම්භ කළා.

හැබැයි අපට සිදුවුණා නිලධාරීන් පුහුණු කරන්න. දැනුත් අපේ නිලධාරීන් බටහිර රටවල ඉන්දියාවේ පුහුණුවීම් ලබනවා. නිලධාරීන්ට ඒ අත්දැකීම හැකියාවන් අවශ්‍යයි. මොකද වංචාව කියන්නෙ තවදුරටත් ඉතා සරල දෙයක් නෙමේ. ඒක ඉතා සංකීර්ණයි. ”