සිදු කෙරුණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය 'කොමඩි නාට්‍යයක්' වැනි යයි විදේශ කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
"කොමඩි නාට්‍යයක් තමයි, ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකෙ පළවෙනි කොටස තමයි මේ 'ප්ලේ' කළේ. දෙවැනි කොටස ඊළඟ දවසේ 'ප්ලේ' කරයි. හැබැයි !ජනතාව හිනාවෙයි ද? අඬයි ද? ගල් ගහයි ද? මම දන්නේ නැහැ"
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මෙලෙස පිළිතුරු දුන්නා.
ප්‍ර : ඔබ කියන්නේ තාමත් අගමැති ධූරයේ වෙනසක් සිදු විය යුතුයි කියලද?
පි : මගේ කටට වචන දාන්න එපා.. මම කියන්නේ ජනතාව බලාපොරොත්තුවන පැහැදිළි වෙනසක් වෙන්න ඕනේ කියලයි.. මේ වගේ විහිළු කරලා ජනතාව රවට්ටන්න බැරි වෙයි.
ප්‍ර : ඒ පැහැදිලි වෙනස අගමැති ධූරයේ වෙනසක්ද? ඇමතිතුමා..
පි : ඒ වෙනස වෙයි...හොඳින් හෝ නරකින් වෙයි..