Friday, September 13, 2024

General line - 0115112241

නිල ඇඳුම් වවුචර් නොදුන්නා නම් කොමිස් මුදල රුපියල් කෝටි 20ක් (VIDEO)




දේශපාලන වේදිකා තුළ ඇතැමුන් නිල ඇඳුම් සඳහා වවුචර් නිකුත් කිරීම විවේචනය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට අද (26) උදෑසන එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ දී දරු දැරියන් 30% ක් පමණ නිල ඇඳුම් රෙදි ලබා නොගත් බව වාර්තා මගින් හෙළිවූ බවයි.

රුපියල් කෝටි 20ක් පමණ කොමිස් ලෙසින් ලබාගත හැකි වංචාවන් වැළක්වීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී කියා සිටියා.

ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වූ  අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.