එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරය අද (26) ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි.
මෙවර සැසිවාරයේදී සාමාජික රටවල් 47ක මානව හිිමිකම් තත්ත්වය පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු විසින්.
ඔහුගේ වාර්ෂික නිල වාර්තාවට ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ප්‍රගතියද ඇතුළත්.
මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති පියවර පිළිබඳ එහිදී කරුණු දක්වනු ඇති බවයි පැවසෙන්නේ.
වාර්තාවන ආකාරයට ලබන මාර්තු මස 21 වැනිදා ජිනීවා නුවරදී මානව හිමිකම් කොමසාරිස්වරයා ඒ පිළිබඳ කරුණු සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශී‍්‍ර ලංකාවේ ප්‍රගතිය පිළිබඳ ඔහුගේ නිරීක්ෂණ එහිදී සභාගත කරනු ඇති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම මානව හිමිකම් ප්‍රගති වාර්තාව සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීමට ශී‍්‍ර ලංකා නියෝජිතයින් පිරිසක් ජිනිවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
මෙවර මානව හිමිකම් සැසිවාරයේ ශී‍්‍ර ලංකාවට කුමන ආකාරයේ අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.
ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේ මේත් සමගම ශ්‍රී ලංකාවට තදබල ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවනු ඇති බවයි.
එහිදී "කිව්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් නෑ..ජාතික මානව හිමිකම් සැළැස්ම ක්‍රියාත්මක කළෙත් නෑ.. මේ මාර්තු මාසයේ පැවැත්වෙන රැස්වීමෙදි තමයි යෝජනා බොහොමයක් සම්මත කර ගන්නේ අනෙක් රැස්වීම්වලට වඩා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැහැදිළිව යෝජනා කරලා තිබුණා මේ රැස්වීමට ඉස්සෙල්ලා කරලා තියෙන්න ඕන දේවල්. අමතක කරන්න බෑ..2015 වසරේ සම්මත කරගත් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්ෂණ පිළිබඳ වාර්තාව දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා." යනුවෙන්ද සඳහන් කළා.
ශී‍්‍ර ලංකාව ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ප්‍රශ්ණ රැසක් උද්ගතවනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් කියා සිටියේ මානව හිමිකම් සම්බන්ධයෙන් කි‍්‍රයාකරන අමාත්‍යවරයෙකු ශී‍්‍ර ලංකා රජය පත් කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් වූ අමාත්‍යාංශයක්ද පත් කිිරීමෙන් මානව හිමිකම් තත්ත්වය දියුණූ කළ හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.