Tuesday, September 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන් වෙත කණගාටුව පල කරයි (PHOTO)




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දැනට පවතින ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ  තදබදය පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

කොචීන් ගුවන් තොටුපළේ දී  ගුවන් යානයෙහි කුරුල්ලෙකු ගැටීමෙන් ගුවන් යානයට සිදුවූ හානිය ඇතුළු තවත් අනපේක්ෂිත සිද්ධි කිහිපයක් මෙම ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුවී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය හරහා හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානයේ 01-97331979 අංක ඔස්සේ හෝ තම සංචාරක නියෝජිතයන්ගෙන් ගුවන් ගමන් පිළිබඳව විමසන ලෙසයි සියලුම මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලා සිටින්නේ.

කටුනායක ගුවන් ගමන් ප්‍රමාද වෙයි - යානාවල දෝෂ (26-02-2018 13:23)

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට තිබු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කිහිපයක අද (26) දින ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

ඉකුත් 24 වැනිදා සිට මෙම ප්‍රමාදයන් පවතින බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

නියමිත වේලාවට ගුවන් යානා පිටත් නොවීම හේතුවෙන්  ගුවන් මගීන් පැය 08 කට අධික කාලයක් අපහසුතාවයට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ගුවන්යානාවල හටගත් කාර්මික දෝෂ  කීපයක් හේතුවෙන් මෙලෙස ප්‍රමාදයන් සිදුව ඇති බවට වාර්තා වෙනවා.