Friday, September 13, 2024

General line - 0115112241

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහි නඩුවක් තාවකාලිකව අත්හිටුවයි

අධිකරණ වාර්තාකරු




හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට සහ කේ එච් එම් ඞී නවාස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26)  නියෝග කළා.

මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය රීට් පෙත්සමක් ගොනු කර ඇති අතර එහි විභාගය අවසන් වන තුරුයි නඩුවේ කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. අදාළ රීට් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද සලකා බැලූණා. ඉහත නියෝගය නිකුත් කෙරුණේද එම අවස්ථාවේදීයි.

ඉකුත් 2010 වසරේ දී ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්  හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට සහ අභියාචනාධිකරණ විනිසුරු කේ එච් එම් ඞී නවාස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම නඩුව පවරා තිබෙනවා.