ඉන්දිය සුරූපී නිළි ශ්‍රී දේවිගේ අභාවය වෙනුවෙන් හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා ශෝකය පල කරනු ලැබුවා. ඒ nethnews.lk වෙත දුරකථනය ඔස්සේ එක් වෙමින්.
ඇය කියා සිටියේ සමස්ථ ශ්‍රී ලාංකීක කලාකරුවන් වෙනුවෙන් ශ්‍රී දේවිගේ පවුලට සහ ඉන්දිය සිනමා ප්‍රජාවට තමන් සාතිශයේ සංවේගය පල කරන බවයි.
ශ්‍රී දේවිගේ අභාවය සම්බන්ධයෙන් වූ පුවත් ඇසු සැණින් තමන් දැඩි සේ කණගාටු වූ බවයි හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා nethnews.lk වෙත කියා සිටියේ.
කෙසේ වෙතත් ඇය වැඩිදුරටත් සඳහන් කළේ 1976 වසරේ දී තමා ශ්‍රී දේවිව ශ්‍රී ලංකාවේ දී හමුවූ බවත් එම අවස්ථාවේ දී ඇය 16 වන වියේ පසු වූ බවයි.
ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ නිෂ්පාදනයක් වූ ෆයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ රඟපෑම සඳහා ශ්‍රී දේවි දිවයිනට පැමිණි බවත් එදා මතකයන් අදත් තමා තුල පවතින බවත් මාලනී ෆොන්සේකා කියා සිටියා.