Friday, September 13, 2024

General line - 0115112241

දූෂණ සහ වංචා සම්බන්ධයෙන් අගමැතිගෙන් කමිටුවක්




දූෂණ සහ වංචා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම කඩිනම් කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද (26) කමිටුවක් පත් කළා. එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයායි. අමාත්‍ය රාජිත සේනාරත්, අමාත්‍ය ඞී එම් ස්වාමිනාදන් සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා. අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා අග‍්‍රාමාත්‍යවරයා අද (26) සාකච්ඡාවක් පැවැත්වූ බවයි. දූෂණ සහ වංචා සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර විස්තර කරමින් නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක විසින් ලබාදී තිබූ වාර්තාවක් ද එහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා. අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් යුත් ඉහත කමිටුව පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ ද මෙම සාකච්ඡාවේදීයි.