ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණය හමුවේ අද (26) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.
ඒ, අර්ජුන ඇලෝසියස් වෙනුවෙන් මීට පෙර ගොනු කෙරුණු ඇප අයදුමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීම දෝෂ සහිත බව පවසමින්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා මෙම ප‍්‍රතිශෝධන පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.