Saturday, January 4, 2025

General line - 0115112241

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරය අගමැතිට තාවකාලිකයි

ළහිරු කපුගේ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ තාවකාලිකව බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින්. 
නැවත සංශෝධනයක් සිදු වන්නේ නම් එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පැවරෙන්නේ එක්සත් ජාතික පක්ෂයටද, නැතහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටදැයි ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 
මේ අතර ඊයේ (25) සිදු කෙරුණු කැබිනට් සංශෝධනය හාස්‍ය ජනක බවට සහ කිසිවෙකු සතුටු කිරීමට එමගින් නොහැකි වූ බවට ඉදිරිපත් වන අදහස් සම්බන්ධයෙන් ද අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී ප‍්‍රතිචාර දැක්වමින් කියා සිටියේ ඉදිරියේ දී වෙනස්කම් රැසක් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බවයි.  
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර සංශෝධනය පසුවට කල්ගියේ එහි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විදෙස්ගතව සිටීම නිසා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන ද සිදු කරනු ඇති බවයි අමාත්‍ය දුමින්ද දිසානායක වැඩිදුරටත් පැවසුවේ.