වියළි කලාපයේ කුඩා වැව් 2400ක ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ අද (26) පැවති පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.
සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කරන ලෙසද මුදල් අපතේ නොයන අයුරින් සංවර්ධන සැලසුම් සකස් කරන ලෙසද එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
‘‘ පිබිදෙමු පොළොන්නරුව’’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මෙතෙක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සහ මෙම වසරේ සංවර්ධන සැලසුම් පිළිබ`ද මෙම රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.