ආණ්ඩුව තුළ විධිමත් ප‍්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. එවැනි ප‍්‍රතිසංස්කරණයක් හරහා විසඳුම් ලබාදිය යුතු ප‍්‍රශ්න රැසක් ද රට තුළ පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු මෙම අදහස් ප‍්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු කිරීමට ආණ්ඩුවට දැන් හැකියාවක් නොමැති බවද මෙහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.
එමෙන්ම අභිලාෂයක් ඇත්නම් මෙම වසරේ නොවැම්බර් මාසයෙන් පසු ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයා බලය ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී සඳහන් කළා.