Saturday, January 4, 2025

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයාට වැඩි බලයක්.. මන්ත්‍රී විමල් අධිකරණයට




අග‍්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් ලබාගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. එම පනතට එරෙහිව සිය පක්ෂය අද (26) අධිකරණය හමුවේ නඩු පැවරූ බවද මන්ත‍්‍රීවරයා කියා සිටියා. 
ඊයේ (25) සිදු කෙරුණු කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කියා සිටියේ මෙහිදී පුද්ගල මාරුවක් පමණක් සිදුව ඇති බවයි. 
විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.