Monday, April 29, 2024

General line - 0115112241

යෞවනයන් අභිබවමින් සංගක්කාර පෙරමුණට (PHOTOS)

කසුන් කැළුම්




පාකිස්ථාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට මුල්ටන් සුල්තාන් කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර සමත්ව සිටිනවා.

ඒ, තරග 03ක දී ලකුණු 126ක් රැස් කරමින්.

ඊට අර්ධ ශතක දෙකක් ද ඇතුළත්. තරග 03ක දී ලකුණු 125ක් රැස් කළ එම කණ්ඩායමේම සොයිබ් මලික් එම සටහනේ දෙවන ස්ථානයේ පසු වනවා. 

පාකිස්ථාන සුපර්ලීග් ක‍්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගෙන ඇත්තේ මුල්ටන් සුල්තාන් කණ්ඩායමේ ඉම්රාන් තහීර්.

ඔහු තරග 03කට එක්වෙමින් මේ දක්වා බිඳ හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 7ක්. තරග 03ක දී කඩුලූ 06ක් බිඳ හෙළු කරච්චි කිංග්ස් කණ්ඩායමේ ෂහිඞ් අෆ්රිඩි එම සටහනේ දෙවන ස්ථානයේ පසු වනවා.