Monday, January 6, 2025

General line - 0115112241

වෙනසක් නැති ප්‍රතිපත්තියක් ගැන ජනපති කියයි




වංචාවට හා දූෂණයට එරෙහි තම ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙල අක‍්‍රමිකතාවලින් තොරව නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට ක‍්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

පොළොන්නරුව ගිරිතලේ ජනපදය, කණිෂ්ඨ විද්‍යාලයේ අද (01) පෙරවරුවේ පැවැති උත්සවයක් අමතමින් ජනාධපතිවරයා මේ බව කියා සිටියා.

රටේ ගොවි ජනතාව වෙනුවෙන් මින් පෙර කිසිදු රජයක් ඉටු නොකළ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නංවමින් වියළි කලාපයේ වැව් 2400ක් සංවර්ධනය කිරීම මෙම වසරේදී ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.