Monday, January 6, 2025

General line - 0115112241

තඹුත්තේගම පොලිස් ප්‍රහාරය පළිගැනීමක්?




තඹුත්තේගම ප‍්‍රදේශයේ ඊයේ (28) පැවති විරෝධතාවට සහභාගී වූ පුද්ගලයන්ට එල්ල කළ පොලිස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් පැවැත්විය යුතු බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. අද (01) පැවති මාධ්‍ය හමුවකදී  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ ඒ බව පැවසුවා.

ආණ්ඩුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් පළි ගැනීමේ අරමුණින් මෙම පොලිස් ප‍්‍රහාරය මෙහෙයවා ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර, එල්ල වූ විරෝධතා හේතුවෙන් රාජාංගණය පානිය ජල ව්‍යපෘතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක පැවසුවේ අදාළ සියලූ පාර්ශව දැනුවත් කර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.