ජලය ඉල්ලා විරෝධතා පවත්වන ගොවීන්ට පහර දී රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කෲර තත්ත්වයකට රට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ පැවති විරෝධතාවට සහභාගී වූ පුද්ගලයන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමාන් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
"ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනව. දැන් බලන්න රාජාංගනයේ වෙච්ච වැඩේ . ගොවිතැන් කරන්න වතුර ඉල්ලන්න ගියාම හැට ගණනක් බන්ධනාගාර ගතකරල. සමහරුන්ට ගහල පොලිසිය. මේ වගේ කෘෘර තත්වයකට රට පත්වෙලා තියෙන්නේ. මේකට විරුද්දවයි ජනතාව ඡන්දය දුන්නේ" යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.