යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයට යෝජනා කිරීමට ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. එලෙස ඉවත් නොවන්නේ නම් එළමෙන මැයි දිනයේදී වෙනම කම්කරු සැමරුමක් පැවැත්වීමටයි මෙහිදී යෝජනා වී ඇත්තේ.
ඒ පිළිබඳ නෙත් නිව්ස් කළ විමසීමකදී ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්ර පැවසුවේ මේ ආණ්ඩුව වසර තුනක් ඇතුළත දැනෙන යමක් නොකළ බවය.
ඡන්ද පදනව විශාල වශයෙන් බිඳ වැටී ඇති බව පවසන ඔහු එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු හේතුවෙන්ද ශ්රී ලංකා නිදහස් පක්ෂයට කළු පැල්ලම් එකතුවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.