Monday, April 29, 2024

General line - 0115112241

දසුන් හා දික්වැල්ලට කැරිබියන් ක්‍රිකට් වරම්

කසුන් කැලුම්




බටහිර ඉන්දිය කොදෙව් හී දී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් තෝරාගෙන ඇත්තේ දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

 

ඒ මෙවර ශ්‍රී ලංකාවේ දී ද පන්දුවාර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්විමට නියමිත වීම හේතුවෙන් විය හැකියි

 

නිරෝෂන් දික්වැල්ල හා දසුන් ශානක මෙවර කැරිබියන් තරගාවලියේ දී ශාන්ත ලුසියා කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන තිබෙනවා

 

නිරෝෂන් දික්වැල්ලට මෙවර තරගාවලිය සඳහා ඇ.ඩො. 15000 ක් සහ දසුන් ශානකට ඇ.ඩො. 5000 ක් ගෙවීමට නියමිත බව ද වාර්තා වනවා.