Saturday, October 19, 2024

General line - 0115112241

සයිටම් වෙනස ගැන වෛද්‍ය සංගමය අධ්‍යනයක




මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ 06ක පීඨාධිපතිවරුන් එක්ව සකස් කළ වාර්තාව අධ්‍යයන කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ අදාළ වාර්තාවේ පිටපතක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලැබී ඇති බවයි. එය අධ්‍යයන කිරීමෙන් පසු සිය සංගමයේ මතය ප‍්‍රකාශ කරන බවද වෛද්‍ය නලින්ද හේරත් පැවසුවා.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට අදාළ වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් විමසීමක් කළා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංගික හල්වතුර පැවසුවේ සිය සංගමයද මේ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කර නිළ මතයක් ප‍්‍රකාශයට පත් කරන බවයි.

කෙසේවෙතත් ඒ සඳහා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විනිවිදභාවයෙන් කරුණු ඉදිරිපත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.