Monday, April 29, 2024

General line - 0115112241

නිදහස් කුසලානයේ ප්‍රවේශපත් වැඩිමිලට (AUDIO)

කසුන් කැළුම්




නිදහස් කුසලාන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනය අවට ප‍්‍රවේශ පත‍්‍ර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් මෙවර ද කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලිම සඳහා නෙත් නිවුස් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට ගියා.

එහිදී ප‍්‍රවේශ පත‍්‍ර වැඩිමිලට විකිණීමේ ජාවාරමේ තොරතුරු හෙළි කර ගැනීමට නෙත් නිවුස් වෙත හැකිවුණා.

මෙහිදී රුපියල් 300 ක ටිකටි පතක් රුපියල් 600 කට විකිණිමට ජාවාරම්කරුවන් කටයුතු කරන අයුරු අපට නිරීක්ෂණය වුනා.

මේ අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනය අවට විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ද අද (05) සිදු කෙරුණා. නිදහස් කුසලාන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය හෙට (06) ආරම්භ වනවා.

එම හඩ පටයට මෙතනින් සවන් දෙන්න.