Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාව සහ බංග්ලාදේශය සමග ගැටෙන්න පෙර පුහුණු වුණ හැටි ශ්‍රී ලංකා නායකයා මතක් කරයි

කසුන් කැලුම්




නිදහස් කුසාලන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වෙනවා. එ්, කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී.

නිදහස් කුසලානය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවක් බංග්ලාදේශ සහ ඉන්දු ශී‍්‍ර ලංකා නායකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹදී පැවැත්වුණා.

තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අදහස් දැක්වූයේ මෙලෙසයි.

"ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ අපි දවස් 10කට වැඩිය පුහුණු සැසි සිදු කළා. කණ්ඩායමක් විදිහට ක්‍රීඩකයන් සියලු දෙනාම හොඳ මානසිකත්වයක ඉන්නවා. අවසන් තරගාවලියත් සතුටුදායක ලෙස අවසන් වූ නිසා ක්‍රීඩකයින් තමන්ගේ දක්ෂතා අතර ඉන්නවා. හැබැයි මේක අලුත් තරගාවලියක්. අලුත් තරගාවලියක පළවෙනි තරගය හොඳ විදිහට ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ."
 

බංග්ලාදේශය සමග ඉකුත්දා පැවති පන්දුවාර විස්ස තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් පිතිකරු ලැයිස්තුවේ පහළින් පන්දුවට පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප‍්‍රශ්න කළා.

දිනේෂ් චන්දිමාල් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

"මම මුළින්ම කියන්න ඕනේ මම අවුරුද්දක් විතර T20 තරග සෙල්ලම් කළේ නෑ..බංග්ලාදේශ තරගයට කලින්. ඉතින් පිතිකරුවෙක් විදිහට පොඩි පොඩි දුර්වලතා තිබුණා මගේ. ඒ අනුව තමයි අපේ පිතිකරු සැලැස්ම හැදුවේ. වමත් දකුණත් විදිහටත් අපි පාවිච්චි කළා."

ඉන්දු - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය අද පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.