Thursday, December 26, 2024

General line - 0115112241

හෙටත් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වැසේ

වසන්ත පිවිතුරු




මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුල හෙට (07) දිනයේ ද සියළුම රජයේ පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක nethnews.lk වෙත කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කය පවතින වත්මන් තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය සහ දිගන ප්‍රදේශවල පෙරේදා (04) සහ ඊයේ (05) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අද (06) දින ද එම දිස්ත්‍රික්කයේ සියළුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කළා.