Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුව වෙනුවෙන් පාරට බැසීමට අගමැති සූදානමින්




දූෂිත පුද්ගලයින් ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ දරන්නේනම් ඊට එරෙහිව පාරට බැසීමට සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

මහනුවර පැවති සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“දැන් අපිට සංවර්ධන වැඩකටයුතු පටන්ගන්න වෙලාව ඇවිල්ල තියෙනවා. සමහරු ඒකට විරුද්ධ වෙයි. ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩුවක ඕනේ කෙනෙකුට විරුද්ධවෙන්න අවස්ථාව තියෙනවා. අපිත් අපේ වැඩකටයුතු ඉෂ්ඨකරනවා. මේ කරන ගමන් අපි දූෂණය කරන අය අල්ලන් යනවා. මම කියලා තියෙන්නේ සියයට දෙසීයක් ෂුවර් නැත්නම් නඩු දාන්න එපා කියලා”. අවුරුදු 5කට පස්සේ ජනතාව යන්න කිව්වොත් අපි යන්නම් අපිට ප්‍රශ්ණයක් නැහැ. ඒත් හොරු යන්න කිව්වා කියලා අපි යන්නේ නැහැ. හොරු බලනවනම් පාරට බැහැලා ආණ්ඩු පෙරළන්න , අපි ලෑස්තියි පාරට බහින්න

එහිදී අග්‍රාමාත්‍යවරයා පළකළ අදහස් පහතින් ඇසිය හැකියි.

ඇතැම් මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන්ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

“සමහර මාධ්‍ය , විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය මේගොල්ලොත් බලනවා දැන් හොඳයි ආයේ එන එක මොකද මේගොල්ලො එක්ක එකට කෑවානේ , එකට සල්ලි ගත්තනේ. විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය මිනිස්සු ආපහු පටන්ගෙන ඉන්නවා. මම දැන් එක එක්කෙනා නම් කරන්න යනවා ඊලඟ දවස් කිහිපයේදී”. සෙල්ලම් කරන්න එන්න එපා මේ ආණ්ඩුව එක්ක. අපි අවුරුදු පහ යනවා.

එම හඬපටය පහතින් ඇසිය හැකියි.