වවුනියාවේ පූන්තෝට්ටම් මදීනා නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට අද (07) අළුයම 2.00 ට පමණ ටයරයක් පිළිස්සීමත් සමගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව දැඩි ලෙස බියට පත්ව තිබෙනවා.
ඒ අනුව මදීනා නගරයේ ජනතාව මේ පිළිබඳව පොලීසිය දැණුවත් කොට ඇති අතර පොලීසිය එහි ගොස් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
ගම්මානයේ ජනතාව පොලිසියට සිය ගම්මානගේ රැඳී සිටින ලෙස ඉල්ලීමක් කර ඇති බවද සඳහන්. ඒ අනුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එම ගම්මානගේ රඳවා තිබෙනවා.
මදීනා නගරය යනු යුද්ධයෙන් පීඩාවට පත් මුස්ලිම් ජනතාව පදිංචිකරන ලද වවුනියාවේ පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි කුඩා මුස්ලිම් ගම්මානයක් වනවා. එහි මුස්ලිම් දේවස්ථානය අසල මෙම ටයරය ගිණි තැබීම සිදුව තිබුණා.