රටේ ජාතික ආරක්ෂාව පිලිබදව කිසිදු බලපෑමක් නැති බවත් ජනාධිපති හා අගමැති විසින් ඒ පිලිබදව සියලු කටයුතු කර ඇති බව රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන පවසනවා.
නෙත් නිව්ස් කල විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ රටේ ජාතිවාදයක් ඇතිවීම වලක්වා ගැනීමට කටයුතු කරන බවයි.
" නීතිමය ක්‍රියා මාර්ග පමණක් නෙමෙයි ජනාධ්පති, අගමැති ඇතුළු රටේ ආගම්ක නායකයින් එකතුවී රට තුල පුළුල් වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන්න වනවා සිංහල, දමිල හා මුස්ලිම් යන ජාතින් එකට එකතු කරන් ජාතියක් හැටියට මේ රට ඉදිරියට ගෙනයන්න" අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිට්යා.