මුස්ලිම් නියෝජිතයින් පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමේ අරමුණින්.
හිටපු ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව එම නියෝජිතයින් පිරිස කියා සිටියේ පෞද්ගලික ප්‍රශ්න ජාතිභේද ප්‍රශ්න හැටියට සමහරුන් පරිවර්ථනය කරන්න කටයුතු කරමින් සිටිනවා. අපි හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කලා රටේ ජනතාවට මේ අවස්ථාවේදී එක්සත්ව, එකමුතුවී එක් ජාතියක් ලෙසට කටයුතු කරන්න කියලා දැනුවත් කරන්න කියලා.