Friday, December 27, 2024

General line - 0115112241

දිගන සහ තෙල්දෙණියේ සිද්ධීන්ට සම්බන්ධ අය හඳුනාගනී

පසන් නන්දුල




දිගන සහ තෙල්දෙණියේ ඇති වූ සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයින් හදුනාගෙන ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද (07) දහවල් පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ තවත් තොරතුරු නෙත් නිව්ස් සවස 06.45 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.
මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් දැඩිව අධීක්ෂණය කරන බවයි.